අඟහරුවාදා, 05 දෙසැම්බර් 2023 08:03

‘‘මිජවුම්‘‘ තවත් චන්ඩ වේ Featured

බටහිර - මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති ‘‘මිජවුම්‘‘ චන්ඩ සුළි කුණාටුව, දෙසැම්බර් 04 වන දින 23.30 වන විට උතුරු අක්ෂාංශ 14.5° සහ නැගෙනහිර දේෂංශ 80.3° ආසන්නයේ යාපනයේ සිට කිලෝ මීටර් 520ක් පමණ උතුරු දෙසින් පැවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

මෙම පද්ධතිය උතුරු දෙසට ගමන් කර අද (5) දින පැය 11.30 වන විට දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

බස්නාහිර, සබරගමු, මධ්‍යම, දකුණ,වයඹ සහ උතුරු පළාත්වල වැසි වාර කිපයක් ඇති විය හැකියි. සෙස ප්‍රදේශවලට පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම සහිත තත්ත්වයක් පැවැතිය හැකිය.

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website