සදුදා, 04 දෙසැම්බර් 2023 05:53

හැරීට - මේගන්ට එරෙහිව පනතක් Featured

හැරීට - මේගන්ට එරෙහිව පනතක්

සසෙක්ස් හි ආදිපාදවරයා වන හැරී කුමරු සහ ආදිපදවරිය වන මේගන් මාර්කෙල් ඔවුන්ගේ පදවිවලින් නෙරපීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන එන බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කර ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය.

හැරී සහ මේගන් සිදුකර ඇති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වීමට පටන් ගැනීමත් සමඟ මෙම තීරණයට එළඹ ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය පැවැසුවේය.

එසේම ආර්චි කුමරුගේ සමෙහි වර්ණය පිළිබඳ තෙවැනි චාල්ස් රජු සහ කේට් කුමරිය සැලකිල්ලක් දැක්වූ බවට හැරී කුමරු සහ මේගන් චෝදනා කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව විලියම් කුමරුගේ ස්ථාවරය බවත් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට එළඹෙන සතියේදී තෙවැනි චාල්ස් රජු සහ විලියම් කුමරු අතර හමුවක් පැවැත්වීමටද නියමිත බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය.

රාජකීයයන් ජාතිවාදී බව ප්‍රකාශ කරමින් හැරී කුමරු සහ මේගන් මාර්කෙල් මෙලෙස රාජකීයයන්ට චෝදනා එල්ල කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විවේචන රැසක් එල්ල වමින් පවතින බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර ඇත.එල්ලවන විවේචනවලට ප්‍රතිචාර නොදක්වමින් හැරී සහ මේගන් නිශ්ශබ්දව සිටින බවද බ්‍රිතාන්‍ය මාධ්‍ය පෙන්වා දී තිබේ.

බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙකු සහ ලේඛකයෙකු වන ඔමිඩ් ස්කොබීගේ නවතම ග්‍රන්ථය වන එන්ඩ් ගේම් වෙත අදහස් දක්වමින් හැරී සහ මේගන් මෙම චෝදනා එල්ල කර ඇත.

හැරී කුමරුගේ සමීපතම මිත්‍රයෙකු මෙන්ම ආර්චි කුමරු බවුතීස්මය සඳහා ඉදිරිපත් කළ පුද්ගලයාද වන වෙස්ට්මිනිස්ටර් හි ආදිපාදවරයා වන හියු ග්‍රොස්වෙනර් ඔහුගේ විවාහ මංගල්‍යයට හැරී සහ මේගන්ට ආරාධනා නොකිරීමට තීරණය කර තිබේ.මීට පෙර හැරී සහ මේගන්ට උත්සවයට ආරාධනා කිරීම සඳහා මහත් උවමනාවෙන් සිට ඇති අතර ඔවුන් රාජකීයන් සම්බන්ධයෙන් සිදු කර ඇති මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය එලෙස නොකර සිටීමට හේතුවී ඇත.

(ලංකාදීප)

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website