බ්‍රහස්පතින්දා, 21 දෙසැම්බර් 2023 12:46

ට්‍රම්ප්ට ජනාධිපතිවරණයේදී තරග තහනමක් Featured

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී කැරැල්ලකට සම්බන්ධ වීමේ වරදට හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලබන වසරේ පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයේදී කොලරාඩෝ ප්‍රාන්තය සඳහා තරග කළ නොහැකි බව ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙයට වසර තුනකට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් අගනුවර පැවති ‘කැපිටල් රයට්’ යනුවෙන් හැඳින්වූ මහජන කැරැල්ලට සම්බන්ධ වීම හේතුවෙන් හිටපු ජනාධිපති ට්‍රම්ප් ලබන වසරේ පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නුසුදුස්සෙකු බව කොලරාඩෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ අනුව නිවේදනය කර තිබේ. කෙසේ වුවද හිටපු ජනාධිපති ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ සංවිධායකයන් පවසනුයේ කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කර ඇති තීන්දුව බලපැවැත්වෙනුයේ එම ප්‍රාන්තයට පමණක් බවත් ඇමරිකාවේ සෙසු ප්‍රාන්තවලට ජනාධිපතිවරණයේදී තරග වැදීමට හිටපු ජනාධිපති ට්‍රම්ප්ට එය බාධකයක් නොවන බවයි. අදාළ තීන්දුවට එරෙහිව ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනයක් ගොණු කිරීමට ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාර සංවිධායකයන් තීරණය කර තිබේ.

LD

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website