බ්‍රහස්පතින්දා, 21 දෙසැම්බර් 2023 12:49

යුක්‍රේන හමුදාවට අමතර භටයන් පන් ලක්ෂයක් Featured

රුසියානු හමුදා සමග වසර දෙකකට ආසන්න කාලයක් යුද වැදී සිටින යුක්‍රේන හමුදාව සඳහා අමතර හමුදා භටයන් පන් ලක්ෂයක් දක්වා වූ සංඛ්‍යාවක් අවශ්‍යව ඇතැයි යුක්‍රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි පවසයි.

යුක්‍රේනයේ අගනුවර වන කිවි නගරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් යුක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ දැනටමත් රුසියානු හමුදාවන්ට එරෙහිව යුක්‍රේන හමුදා භටයන් පන් ලක්ෂයක් පමණ දෙනා යුද පෙරමුණේ සටන් වදිමින් සිටින බවත් මෙසේ අමතර භටයන් බඳවා ගැනීම වියදම් අධික ක්‍රියාවක් බවයි. යුක්‍රේන හමුදා අණ දෙන නිලධාරින් විසින් මෙසේ යුද පෙරමුණට යැවීමට අමතර නිලධාරීන් ඉල්ලා ඇති බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසයි.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website