සිකුරාදා, 22 දෙසැම්බර් 2023 11:06

හමාස් නායකයා තාවකාලික සටන් විරාමයක් ප්‍රතික්ෂේප කරයි Featured

ගාසා තීරයට ඊශ්‍රායල හමුදාව විසින් එල්ල කරන ප්‍රහාරයන් සම්පූර්ණයෙන් නතර කිරීමක් පිළිබඳව මිසක තාවකාලික සටන් විරාමයක් සම්බන්ධයෙන් සාකච්ජා කිරීම හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මාසයකට අධික කාලයක් මුළුල්ලේ ඊජිප්තුවේ කයිරෝ අගනුවර පැවැත්වෙන ගාසා තීරයේ තාවකාලික සටන් විරාමයක් ඇති කරගැනීමේ සාකච්ජා සඳහා ප්‍රථම වරට සහභාගී වෙමින් හමාස් නායකයා මේ බව සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

හමාස් නායකයාගේ මෙම ප්‍රකාශයත් සමගම ගාසා තීරයේ ඇවිලී පවතින සටන් තාවකාලිකව නතර කිරීමේ සටන් විරාමයක් ඇති කර ගැනීම සඳහා කයිරෝ නගරයේ පැවැත්වෙන සාකච්ජා අසාර්ථක වන ලකුණු පහළ වී ඇති බව එම මාධ්‍ය කියයි. මේ අතර ඇමරිකා එක්සත් ජනපදය පවසනුයේ ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කරගැනීම හා හමාස් සංවිධානය භාරයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමේ අරමුණින් කයිරෝ නගරයේ මෙම දිනවල බරපතළ මට්ටමේ සාකච්ජා පැවැත්වෙන බවයි. මේ අතර ඊශ්‍රායල හමුදාවන් විසින් හමාස් නායකයන්ගේ නිවෙස් වෙත සම්බන්ධ වන උමං ජාලයක් ගාසා නගරය මධ්‍යයේ තිබී සොයා ගෙන තිබේ. ගාසා තීරයේ සිට ක්‍රියාත්මක වන හමාස් සංවිධානයේ පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනුයේ ඉකුත් ඔක්තෝබර් 07 වැනිදා සිට මේ දක්වා ගාසා තීරයේ පවතින සටන් වලින් වැසියන් 20,000ක් පමණ මිය ගොස් ඇති බවයි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website