සිකුරාදා, 22 දෙසැම්බර් 2023 11:08

ඉන්දියාව ළමා බෙහෙත් සංයෝගයක් තහනම් කරයි Featured

බෙහෙත් විෂ වීමෙන් සිදු වූ ළමා මරණ සැලකිල්ලට ගෙන ඉන්දියාවේ වයස අවුරුදු හතරෙන් පහළ ළමුන්ට සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ලබා දෙන ප්‍රකට බෙහෙත් සංයෝගයක් ලබා දීම තහනම් කිරීමට එරට ඖෂධ පාලන අධිකාරිය විසින් පියවර ගෙන තිබේ.

මේ යටතේ ‘ක්ලෝපෙනිරමයින්, මැලේට් හා පෙනිලෙප්රින් යන බෙහෙත් වර්ග තුන මිශ්‍ර කර තනා ඇති සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ලබා දෙන බෙහෙත් සංයෝගයක් ළමුන්ට ලබා දීම තහනම් කර තිබේ. පසුගිය කාලයේ ගැම්බියාව හා උස්බෙකිස්ථානය යන රටවල කැස්ස සඳහා ලබා දෙන ඉන්දියාවේ නිෂ්පාදිත සිරප් භාවිත කිරීමෙන් වාර්තා වූ ළමා මරණ මෙන්ම 2019 සිට 2020 දක්වා කාලය තුළදී බෙහෙත් වර්ග විෂ වීමෙන් ඉන්දියාවේ ළමුන් 12 දෙනකු මිය යෑමේ සිද්ධීන් සැලකිල්ලට ගෙන මෙම බෙහෙත් තහනම පැනවූ බව ඉන්දීය ඖෂධ පාලන අධිකාරිය පවසයි.

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website