සෙනසුරාදා, 23 දෙසැම්බර් 2023 09:44

සැත්කම අතරතුර රෝගියාට පහරදුන් චීන වෛද්‍යවරයා නෙරපයි Featured

වසර හතරකට පෙර නිරිතදිග චීනයේ රෝහලක සැත්කමකට භාජනය කළ වියපත් කාන්තාවකට සැත්කම අතරතුර පහර දුන් ශල්‍ය වෛද්‍යවරයකුගේ සේවය රෝහල් බලධාරීන් විසින් අත්හිටුවා තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රෝහලේ ප්‍රධාන විධායක නිලධාරියා සේවයෙන් පහකිරීමටද බලධාරීන් විසින් පියවර ගෙන ඇති අතර මෙම සතිය තුළදී රෝගියාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ වීඩියෝ පටය සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රචාරය වීමත් සමගම එයට එරෙහිව දැඩි ජනතා විරෝධයක් මතුව තිබෙන බව චීන මාධ්‍ය පවසයි.

මෙයට වසර හතරකට පෙර 2019 වසරේ නිරිතදිග චීනයේ ගුයිගන්ග් ප්‍රදේශයේ රෝහලකදී සැත්කමකට භාජනය වූ 82 හැවිරිදි කාන්තාවක් වෛද්‍යවරයාගේ කීම නොඅසමින් ඇස් හා හිස එහා මෙහා චලනය කිරීම හේතුවෙන් ඇයට ශල්‍ය වෛද්‍යවරයා විසින් පහර දී ඇති බව අනාවරණය වී තිබේ. මේ සම්බන්ධයෙන් සැත්කමෙන් අනතුරුව, රෝගියාගෙන් සමාව අයැද ඇති එම රෝහල පාලනය කරන අයිර් චයිනා සමාගම විසින් රෝගියාට වන්දි වශයෙන් චීන යුවාන් 500ක මුදලක් ලබා දී තිබේ. චීන බලධාරීන් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website