සෙනසුරාදා, 30 දෙසැම්බර් 2023 09:24

ප්‍රංශයේ ප්‍රකෝ­ටි­ප­තියා ලෝක ධන­ව­තුන්ගේ ලැයි­ස්තුවේ පෙර­මු­ණට Featured

ලොව ධනවත්ම පුද්ගලයන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව අමෙරිකාවේ එලෝන් මස්ක් දෙවැනි තැනට ඇද දමමින් ප්‍රංශයේ ප්‍රකෝටිපති ව්‍යාපාරික බර්නාඩ් ආර්නෝල්ට් පළමු තැනට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විලාසිතා ක්ෂේත්‍රය තුළින් ව්‍යාපාරික ලෝකයට ඇතුළු වූ මේ ප්‍රකෝටිපතියා වසර 2018 සිටම ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ පළමු පස්දෙනා අතරට ඇතුළත්ව සිටින අතර, පොලිතීන් ආශ්‍රිත ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවතීර්ණ වීමෙන් පසු ආදායම් මාර්ග ඉහළ ගොස් තිබේ. මේ වනවිට ඔහුගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 211ක් වන අතර, එලෝන් මස්ක්ගේ වත්කම ඩොලර් බිලියන 180ක් බව වාර්තා වේ.

ඩොලර් බිලියන 104ක වත්කමක් සහිතව බිල් ගේට්ස් නවතම ධනවතුන්ගේ ලැයිස්තුවේ 6 වැනි තැන සිටින අතර, ඉන්දියාවේ මුකේෂ් අම්බානි ඩොලර් බිලියන 83.4ක වත්කමක් සහිතව එම ලැයිස්තුවේ 9 වැනි තැන පසුවෙයි.

DMN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website