සෙනසුරාදා, 30 දෙසැම්බර් 2023 09:12

මේන් ප්‍රාන්තය ට්‍රම්ප්ට තහනමක් පැනවීමට යයි Featured

ලබන වසරේ පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් තරග වැදීමට නියමිත හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට මේන් ප්‍රාන්තය සඳහා තරග කළ නොහැකි බව ප්‍රාන්තයේ ප්‍රධාන පෙළේ මැතිවරණ නිලධාරිවරයෙකු වන ෂෙන්නා බෙල්ලොව්ස් පවසා තිබේ.

මේ අනුව මීළඟ ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති ට්‍රම්ප්ට තරග වැදීම තහනම් කිරීමට යන දෙවෙනි ප්‍රාන්තය මේන් ප්‍රාන්තය බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙයට වසර දෙකකට පෙර 2021 වසරේදි ඇමරිකා එක්සත් ජනපද අගනුවර පැවති කැපිටල් රයට් නමැති කැරැල්ල මෙහෙයවීම දක්වා හිටපු ජනාධිපති ට්‍රම්ප්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ඔහු ලබන වසරේ ඇමරිකානු ජනාධිපතිවරණයට තරග වැදීමට සුදුස්සෙකු නොවන බව බෙල්ලොව්ස් සඳහන් කර තිබේ. මේ සම්බන්ධයෙන් තීන්දුවක් නිකුත් කරන ලෙස මේන් ප්‍රාන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත එල්ල වන බලපෑම්ද වැඩි වෙමින් පවතින බව වාර්තා වේ. මෙයට පෙර කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ට්‍රම්ප්ට එම ප්‍රාන්තයෙන් ජනාධිපතිවරණයට තරග කිරීම තහනම් කර තිබූ අතර මිචිගන් ප්‍රාන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණය එවැනි තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීම ප්‍රතික්ෂේප කර තිබිණි.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website