සිකුරාදා, 29 දෙසැම්බර් 2023 10:22

ඔස්ට්‍රේලියාවේ කුණාටුවලින් 10ක් මරුට Featured

නැගෙනහිර ඔස්ට්‍රේලියාව හරහා හමා ගිය දරුණු කුණාටුවක් හේතුවෙන් හටගත් ධාරානිපාත වැසි, තද සුළං හා ජලගැලීම් නිසා නව හැවිරිදි කුඩා දැරියක් ඇතුළු පුද්ගලයන් 10 දෙනකු මිය ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය පවසයි.

ඉකුත් නත්තල් දිනය යෙදී තිබූ සඳුදා (25දා) හා බොක්සිං දිනය යෙදී තිබූ අඟහරුවාදා (26දා) හමා ගොස් ඇති දරුණු කුණාටු හේතුවෙන් වික්ටෝරියා, නිව්සවුත්වේල්ස් හා ක්වීන්ස්ලන්තය යන ප්‍රාන්තවල වැසියන් පිරිසක් මෙසේ මරණයට පත්ව ඇති අතර මෙම ව්‍යසනයෙන් වැඩි පිරිසක් මිය ගොස් ඇත්තේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ බව වාර්තා වී තිබේ. හමා ගොස් ඇති දරුණු කුණාටු සමග හටගත් තද සුළං හේතුවෙන් අදාළ ප්‍රාන්තවල පිහිටි ගොඩනැගිලිවල වහලවල් විනාශ වී ගොස් ඇති අතර, කඩා වැටී ඇති ගස් හේතුවෙන් විදුලි කණු පොළවට ඇද වැටීමෙන් නිවැසියන් දස දහස් ගණනකගේ විදුලිබලය විසන්ධි වී ගොස් තිබේ. ඔස්ට්‍රේලියානු කාලගුණ විද්‍යාඥයන් විසින් තවත් දරුණු කුණාටු ඇති වන බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website