සිකුරාදා, 29 දෙසැම්බර් 2023 10:18

ට්‍රම්ප්ට එරෙහි අභියාචනය මිචිගන් අධිකරණය නිෂ්ප්‍රභා කරයි Featured

හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන වසරේ (2024) පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණයේදී සිය ප්‍රාන්තයට තරග වැදීම තහනම් කරන ලෙස ඉල්ලා මිචිගන් ප්‍රාන්තයේ ජන්දදායකයන් පිරිසක් විසින් ගොණු කර ඇති අභියාචනයක් විභාග කිරීම එම ප්‍රාන්තයේ ශ්‍රේෂ්ථාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

2024 ඇමරිකානු ජනාධිපතිවරණයේදී තීරණාත්මක සටන් බිමක් ලෙස මිචිගන් ප්‍රාන්තය හඳුන්වාදී ඇති අතර 2020 වසරේ පැවති ඇමරිකානු ජනාධිපතිවරණයේදී එම ප්‍රාන්තය වත්මන් ජනාධිපති ජෝ බයිඩන් විසින් ජයග්‍රහණය කර තිබුණේ හිටපු ජනාධිපති ට්‍රම්ප්ට වඩා සියයට තුනක් වැඩි ජන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි. මෙයට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ථාධිකරණය විසින් ට්‍රම්ප් ට එම ප්‍රාන්තය සඳහා ලබන ජනාධිපතිවරණයේදී තරග වැදීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබිණි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website