බ්‍රහස්පතින්දා, 28 දෙසැම්බර් 2023 09:27

ද. කොරියානු නළුවාගේ සිරුර රථයෙන් මතු වේ Featured

ඔස්කාර් සම්මානලාභි ජනප්‍රිය චිත්‍රපටයක් වන ‘පැරසයිට්’ චිත්‍රපටයේ රංගනයෙන් ජනප්‍රිය වූ දකුණු කොරියානු නළුවකු වන ලී සුන් ක්‍යුන් දකුණු කොරියාවේ සියෝල් අගනුවර පිහිටි ප්‍රධාන උද්‍යානයක තිබූ මෝටර් රථයක මියගොස් සිටියදී ඊයේ (27) සොයා ගෙන තිබේ.

48 හැවිරිදි වියෙහි පසු වූ ලී සියදිවි නසා ගන්නට ඇතැයි පොලිසිය විසින් විශ්වාස කරන අතර ඔහුගේ මරණයට මුල් වූ හේතුව ඊයේ දහවල් වන විටද අනාවරණය වි නොතිබිණි. මියගිය නළුවා ලිපියක් ලියා තබා නිවසෙන් අතුරුදන්ව සිටි බව පොලිසිය පවසයි. නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් ලී සුන් ඉකුත් ඔක්තෝබර් මාසයේ සිට පොලිසියේ විමර්ශනයට ලක්ව සිට ඇත.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website