බ්‍රහස්පතින්දා, 28 දෙසැම්බර් 2023 09:25

නවදිල්ලියේ ඊශ්‍රායල තානාපති කාර්යාලය අසල බෝම්බ පිපිරීමක් Featured

පෙරේදා (26) සවස ඉන්දියාවේ නවදිල්ලි නගරයේ පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලය ආසන්නයේ පිහිටි ප්‍රදේශයක සිදු වූ බෝම්බ පිපිරීමක් හේතුවෙන් ඊශ්‍රායලය විසින් ඉන්දියාවේ සිටින ඊශ්‍රායල ජාතිකයන්ට තම ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන ලෙස දැනුම් දී තිබේ.

අදාළ බෝම්බ පිපිරීමෙන් කිසිවකුටත් අනතුරක් සිදු වීමක් හෝ දේපලවලට හානි වීමක් සිදුව නැතත් ඊශ්‍රායල ජාතික ආරක්ෂක මණ්ඩලය විසින් ඉන්දියාවේ සිටින විශේෂයෙන් නවදිල්ලි නගරයේ සිටින ඊශ්‍රායල ජාතිකයන්ගෙන් ඉල්ලීම් කර ඇත්තේ සාප්පු හා සාප්පු සංකීර්ණ වැනි ජනතාව විශාල වශයෙන් ගැවසෙන ස්ථානවලට යෑමෙන් මෙම දිනවල වළකින ලෙසයි. ඉන්දියාව පුරා සිටින ඊශ්‍රායල ජාතිකයන් පොදු ස්ථානවලට යෑමේදී දැඩි සේ සැලකිලිමත් විය යුතු බවද ඊශ්‍රායල ආරක්ෂක මණ්ඩලය විසින් අවධාරණය කර තිබේ. මේ අතර පෙරේදා සවස නවදිල්ලි නගරයේ පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලය අසල සිදු වූ බෝම්බ පිපිරීමත් සමගම එම තානාපති කාර්යාලය හා ඒ අවට ආරක්ෂාව තර කිරීමට ඉන්දීය බලධාරින් විසින් පියවර ගෙන තිබේ. අදාළ බෝම්බ පිපිරීම සිදු වූ ස්ථානයේ තිබී ගාසා තීරයට ඊශ්‍රායල හමුදාවන් විසින් එල්ල කරන ප්‍රහාරයන් හෙළා දැක ඇති ලිපියක් පොලිසිය විසින් සොයාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි. ඉන්දීය පොලිසිය විසින් එරට තිබෙන සියලු යුදෙව් ගොඩනැඟිලි හා මහජන ආයතනවල ආරක්ෂාව ද මේ වනවිට තර කර තිබෙන බව වාර්තා වී තිබේ.

 DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website