අඟහරුවාදා, 02 ජනවාරි 2024 10:20

දකුණු කොරියානු විපක්ෂ නායකට පිහි ප්‍රහාරයක් Featured

මාධ්‍ය හමුවක් අතරතුර පුද්ගලයකු විසින් දකුණු කොරියානු විපක්ෂ නායකවරයාට සිදු කළ පිහි ඇනුමකින් බරපතළ තත්ත්වයට පත්ව රෝහල්ගත කර තිබේ.දකුණු කොරියානු විපක්ෂ නායක ලී ජේ මියනග් ට මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ එරට බූසාන් නගරයේදීය.

ප්‍රහාරයෙන් ඔහුගේ ගෙලට තුවාල සිදුව ඇති අතර සිහිමඳ තත්ත්වයේ පසුවූ ඔහු රෝහල්ගත කර තිබේ.ප්‍රහාරය සිදුකළ වයස අවුරුදු 50ත් 60ත් අතර පිරිමි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබුණි.ඔහු අත්සනක් ලබාගැනීමේ මුවාවෙන් විපක්ෂ නායකවරයා වෙත පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website