සදුදා, 01 ජනවාරි 2024 09:48

ඩෝසෙට් පර්වත බෑවුම්වලින් ආදිකාලීන මුහුදු රකුසෙකු සොයාගැනේ Featured

එංගලන්තයේ ඩෝසෙට්හි ජුරාසික් වෙරළ තීරයේ කඳු ප්‍රපාතයන්ගෙන් දැවැන්ත මුහුදු රකුසෙකුගේ හිස්කබලක් සොයාගෙන තිබේ. එය, මීට වසර මිලියන 150කට පමණ පෙර මහා සාගරය ත්‍රස්ත කළ දරුණු සාගර උරගයෙකු වන ප්ලයෝසෝරයෙකුගේය.

මීටර දෙකක් දිගු මේ ෆොසිලය මෙතෙක් හමුවූ එම වර්ගයේ සත්ත්වයෙකුගේ වඩාත්ම සම්පූර්ණ ෆොසිලයන්ගෙන් එකක් වන අතර, මේ ආදිකාලීන විලෝපිකයා පිළිබඳව නව අවබෝධයක් ලබාදෙයි.

මීට සමාන කළ හැකි වෙනත් නිදර්ශකයක් කොහිවත් නැතැයි, ප්‍රදේශයේ පාෂාණිධාතු විද්‍යාඥයෙකු වන ස්ටීව් එචස් විශ්වාස කරයි.

“මේක මම මෙතෙක් වැඩ කරලා තියෙන හොඳම ෆොසිලවලින් එකක්. මේකෙ විශේෂත්වය වෙන්නේ ඒක සම්පූර්ණ එකක් වෙන එක යි,” ඔහු බීබීසී පුවත් හා පවසයි.

“යටි හනුව යි, හිස්කබලේ ඉහළ කොටසයි. (තවමත්) එකට බැඳිලා තියෙනවා, හරියට (සතා) ජීවත්ව ඉඳිද්දි තියෙන්න ඇතිවා වගේ.”

ලොව වටෙන්ම, මෙතරම් හොඳින් තොරතුරු සංරක්ෂණය වී පවතින මට්ටමේ කිසිදු නිදර්ශකයක් සොයාගත නොහැකි තරම් ය. එවැනි ඒවා තිබේ නම්, ඒවා ද බොහෝ කැබලි අතුරුදන් වී ඇති ඒවා ය. එනමුත් මේ ෆොසිලය ගත්කල, එය මඳ වශයෙන් විකෘතිවී ඇතත්, එහි සියලුම අස්ථි කොටස් අඩංගුව පවතියි.

DN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website