අඟහරුවාදා, 02 ජනවාරි 2024 10:33

බටහිර ජපානයේ සුනාමි අවදානමක් Featured

බටහිර ජපානයේ ඊයේ (01දා) සවස හටගත් රිච්ටර් මාපකයේ 7.8ක් වශයෙන් සටහන් වූ ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් ගොඩනැඟිලි හා නිවාස කඩා වැටී ඇති අතර දැඩි සුනාමි අවදානමක් හට ගැනීම හේතුවෙන් එම භූමිකම්පාව සිදු වූ වෙරළබඩ ප්‍රදේශවල සිටින ජනතාව ඉවත් කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

ඉෂිකාවා ප්‍රදේශයට අයත් අනමිසු නගරයේ කිලෝ මීටර් 10ක ගැඹුරින් හටගෙන ඇති මෙම භූමිකම්පාවෙන් පසු දරුණු පසු කම්පනයන් කිහිපයක් හටගෙන ඇති බව වාර්තා වී ඇති අතර ඒ සමගම මතු වූ සුනාමි අවදානම හේතුවෙන් අදාළ ප්‍රදේශයේ වෙරළබඩ පිහිටි නිවෙස්වල සිටි නිවැසියන් ඉවත් කර ඇති බව ජපන් මාධ්‍ය පවසයි. අදාළ භූමිකම්පාව සිදු වීමත් සමගම ජපන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් බටහිර ජපානයේ වෙරළබඩ ප්‍රදේශවලට හා අවට ප්‍රදේශවලට ප්‍රබල සුනාමි අවදානම් තත්ත්වයක් නිවේදනය කර තිබේ. මේ අතර අදාළ භූමිකම්පාවෙන් පසු මීටරයකට වඩා උසැති දැවැන්ත සුනාමි මුහුදු රළක් බටහිර ජපානයේ උතුරුදිග වෙරළබඩ තීරයට පැමිණි බව වාර්තා වී තිබේ.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website