අඟහරුවාදා, 02 ජනවාරි 2024 10:39

ගාසා තීරයේ සටන් වසර පුරාම පවතින ලකුණු Featured

මේ වන විට ඊශ්‍රායල හමුදා හා හමාස් සංවිධානය අතර ගාසා තීරයේ ඇවිලී තිබෙන සටන් මෙම වසර පුරාම පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව ඊශ්‍රායල හමුදාව පවසයි.

ඊශ්‍රායල හමුදාවන්ගේ ප්‍රකාශක ඩෑනියෙල් හගාරි පවසා ඇත්තේ දිගුකාලීන සටනක් වෙනුවෙන් හමුදා භටයන් යොදවා සිටින බවයි. මෙම වසර පුරාම ගාසා තීරයේ යුද මෙහෙයුම් සිදු කිරීම සඳහා අතිරේක හමුදා කණ්ඩායම් යෙදවීමට සිදුවනු ඇති බවද ඔහු සඳහන් කර තිබේ.

ඉකුත් ඔක්තෝබර් මස 07 වැනිදා සිට ඊශ්‍රායල හමුදා හා හමාස් සංවිධානය අතර ඇවිලී පවතින සටන් හේතුවෙන් ගාසා තීරයේ වැසියන් 21,800ක් මියගොස් ඇති බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබේ.

DN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website