අඟහරුවාදා, 02 ජනවාරි 2024 10:42

කළු සිදුරු අධ්‍යයනය කිරීමට ඉන්දියාවෙන් රොකට්ටුවක් Featured

අභ්‍යවකාශයේ පවතින කළු පැහැති සිදුරු අධ්‍යයනය කිරීම සඳහා අවශ්‍ය උපකරණ රැගත් රොකට්ටුවක් ඊයේ (01දා) සාර්ථක ලෙස අභ්‍යවකාශගත කළ බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය පවසයි.

ඊයේ උදෑසන ශ්‍රීහරිකොටා ප්‍රදේශයේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශගත කර ඇති අදාළ රොකට්ටුව එම කළු සිදුරු අධ්‍යයනය කිරීම සඳහා ලොව යැවුණු දෙවැනි රොකට්ටුව ලෙස වාර්තා වී තිබේ.

මෙයට පෙර මෙම කළු සිදුරු අධ්‍යයනය කිරීම සඳහා 2021 වසරේදී ඇමෙරිකාවේ නාසා ආයතනය විසින් රොකට්ටුවක් යවා තිබිණි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website