ඉරිදා, 21 ජනවාරි 2024 14:10

ඉන්දියාවේ බෝට්ටුවක් පෙරළීමෙන් 16ක් මරුට Featured

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ වැඩෝඩරා නගරයේ විලක ගමන්ගත් බෝට්ටුවක් පෙරේදා (18දා) සවස පෙරළී යෑමෙන් එහි ගමන් ගත් පාසල් සිසුන් 14 දෙනකු හා ගුරුවරුන් දෙදෙනකු මියගොස් ඇති අතර තවත් 10 දෙනකු බේරාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

විනෝද චාරිකාවක් සඳහා පැමිණි සිසුන් 24 දෙනකු හා ගුරුවරුන් 04 දෙනකු ඇතුළු 28 දෙනකු වැඩොඩරා නගරයේ හර්නි විලෙහි බෝට්ටුවක ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබේ. මෙම බෝට්ටු අනතුරට මුල් වූ හේතුව අනාවරණය වී නැතත් මගීන් 14 දෙනකු ගමන්ගත හැකි බෝට්ටුවේ එම පිරිස මෙන් දෙගුණයක් ගමන් කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වී තිබේ. ගුජරාට් පොලිසිය විසින් මෙම අනතුර සම්බන්ධයෙන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම බෝට්ටුවේ ගමන් ගත් පිරිසට ජීවිතාරක්ෂක කබා ලබා දී නොමැති බවටද චෝදනා එල්ල වී තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website