අඟහරුවාදා, 06 පෙබරවාරි 2024 09:49

චිලි රාජ්‍යයේ ලැව් ගිනිවලින් 112ක් මරුට Featured

දකුණු ඇමරිකානු රටක් වන චිලි රාජ්‍යයේ මෙම දිනවල ශීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින දරුණු ලැව් ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඊයේ (05දා) වන විට 112ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

මෙම ලැව්ගිනිවලට කොටු වූ තවත් 200ක් පමණ දෙනා අතුරුදන්ව ඇති බව වාර්තා වී තිබේ. චිලි රාජ්‍යයේ වරාය නගරයක් වන වල්පරයිසෝ නගරයේ මධ්‍යම කලාපයේ ඇවිලෙමින් තිබෙන මෙම ලැව්ගිනි හේතුවෙන් විපතට පත් වූවන්ගේ සංඛ්‍යාව ඉදිරියේදී තවත් ඉහළ යනු ඇති බව චිලි රාජ්‍යයයේ ජනාධිපති ගේබි්‍රයෙල් බොරික් පවසා තිබේ.

පෙරේදා (04දා) වන විට චිලි රාජ්‍යයේ මධ්‍යම හා දකුණුදිග කලාපයට අයත් හෙක්ටයාර් 26,000 ක පමණ භූමිභාගයක් මෙම ලැව්ගිනි හේතුවෙන් විනාශ වී ගොස් තිබූ බව වාර්තා වී තිබිණි. වල්පරයිසෝ නගරයේ වාර්ෂිකව පැවැත්වෙන ජාත්‍යන්තර සංගීත උළෙලක් නිසා ප්‍රකටව ඇති ප්‍රදේශයට අයත් ජනාවාස

ගණනාවක්ද මෙම ලැව්ගිනි හේතුවෙන් විනාශ වී ගොස් ඇති අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන චිලි රාජ්‍යයේ ජනාධිපති බොරික් විසින් ඉකුත් සිකුරාදා ලැව්ගිනි පැතිර ගොස් ඇති කලාපය තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම දරුණු ලැව්ගිනි නිවීම සඳහා ගිනි නිවන හමුදා භටයන් 1400 දෙනකු හමුදා භටයන් 1300 දෙනකු හා

ගිනි නිවන හෙලිකොප්ටර් හා ගුවන්යානා 31ක් යෙදවීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

DN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website