සිකුරාදා, 09 පෙබරවාරි 2024 09:24

බෝම්බ ප්‍රහාර සහ වෙඩි තැබීම් මැද පාකිස්තාන මැතිවරණය අවසන් වෙයි Featured

බෝම්බ ප්‍රහාර සහ වෙඩි තැබීමේ සිදුවීම් රැසක් සමඟ පාකිස්තානයේ මහමැතිවරණය ඊයේ අවසන් වූ බව

විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ත්‍රස්ත ප්‍රහාර අවදානම මත සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා රට පුරා අන්තර්ජාල සබඳතා අත්හිටුවීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පියවර ගනු ලැබුවද, ස්ථාන රැසක සිදුවූ බෝම්බ පිපිරීම් හා වෙඩි තැබීම් හේතුවෙන් පොලිස් නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශයේ 7දෙනකුට ජීවිත අහිමි වූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එරට කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ ඩේරා ඉස්මායිල් ඛාන් නමැති ප්‍රදේශයේ ගමන් කරමින් තිබු පොලිස් රථ පෙළකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, පසුව වෙඩි තැබීමක් ද සිදුවී තිබේ. එහිදී පොලිස් නිලධාරීන් සිව්දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි ද, තවත් නිලධාරීන් තිදෙනකු තුවාල ලබා ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කළේය. මීට අමතරව බලුකිස්තානයේ සිදු වූ තවත් බෝම්බ ප්‍රහාරයකින් ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු සහ පොලිස් නිලධාරියකු මිය ගිය බවත් වාර්තා වේ. එම ප්‍රහාරයෙන් ආරක්ෂක අංශයේ නිලධාරීන් 7 දෙනකු තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.

මිලියන 128ක ඡන්දදායකයන් ප්‍රමාණයක් ඡන්ද මධ්‍යස්ථාන 90,675කදී සිය ඡන්දය භාවිත කිරිමට නියමිතව තිබු අතර, ඉන් හරි අඩක්ම අවුරුදු 35ට අඩු පුද්ගලයන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පාකිස්තාන මහමැතිවරණයට අපේක්ෂකයන් 5000කට වැඩි පිරිසක් ඉදිරිපත් වී සිටියද, එහි කාන්තා නියෝජනය 313ක් පමණක් බව ද සඳහන් වේ. මැතිවරණය වෙනුවෙන් පාකිස්තානය පුරා දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබූ බවද වාර්තා වේ.

DMN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website