අඟහරුවාදා, 13 පෙබරවාරි 2024 13:56

පකිස්ථාන දේශපාලන නායකයෝ සභාග රජයකට පොරකති Featured

පකිස්ථානයේ ඉකුත් 08 වැනිදා පැවැති මහ මැතිවරණයේ දැනට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව කිසිදු තනි පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාවක් නැත.

මෙම තත්ත්වය මත ප්‍රධාන දේශපාලන පක්ෂ සභාග රජයක් පිහිටුවීම සඳහා මේ වනවිට සූදානම් වේ. ඒ අනුව හිටපු අගමැතිවරයෙක් වන නවාස් ෂෙරීෆ් මහතා සහ ඔහුගේ සොහොයුරු ෂෙබාස් ෂරීෆ්ගේ පක්ෂය වන පකිස්ථාන මුස්ලිම් ලීගය – නවාස් (පීඑම්එල්-එන්) සහ බිලාවල් භූතෝ සර්දාරිගේ පකිස්ථාන මහජන පක්ෂය (පීපීපී) සභාග රජයක් පිහිටුවීමට එකඟ වී ඇත.

මේ අතර, සිරගතව සිටින පකිස්ථාන විපක්ෂ නායක ඉම්රාන් ඛාන්ගේ පකිථාන තරීක් ඊ ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ සහාය ලබන අපේක්ෂකයන් රජයක් පිහිටුවීමට ද සැලසුම් කර තිබේ. ජාතික සභාවේ ආසන 265ක් සඳහා මැතිවරණ පැවැත්වුණු අතර සරල බහුතරයක් සඳහා දේශපාලන පක්ෂයකට ආසන 133ක් අවශ්‍ය වේ. මේ වන විට ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයට අනුබද්ධ ස්වාධීන අපේක්ෂකයන් ජාතික සභා ආසන 265 න් 97 ක් ලබාගෙන ඇත.

නවාස් ෂරීෆ්ගේ පීඑම්එල්-එන් ජාතික සභාවේ ආසන 76ක් ද පකිස්ථාන මහජන පක්ෂය ජාතික සභාවේ ආසන 54ක් ද අනෙකුත් පක්ෂ ආසන 37ක් ලබාගෙන තිබේ.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website