බ්‍රහස්පතින්දා, 15 පෙබරවාරි 2024 08:40

චීන ආක්‍රමණයට එරෙහිව තායිවානය ආරක්ෂක මිසයිල ක්‍රියාත්මක කරයි Featured

චීන මහජන විමුක්ති හමුදාවට අයත් ප්‍රහාරක ගුවන්යානා අටක් සහ යුද නෞකා 5ක් පැය විසිහතරක කාලයක් තායිවානය වටා ගමන් කිරීමක් නිරීක්ෂණය වූ බව එරට ජාතික ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය 1 වැනිදා පෙරවරු 6 සිට 2 වැනිදා පෙරවරු 6 දක්වා කාලය ඇතුළත එම ආක්‍රමණය සිදුවූ බව ද තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. උද්ගත වූ තත්ත්වය මත සිය ප්‍රහාරක ගුවන්යානා සහ යුද නෞකා සීරුවෙන් තැබීමට සහ ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය ස්ථානගත කිරීමට පියවර ගත් බව ද එරට ආරක්ෂක අමාත්‍යාංශය සිය නිවේදනයේ සඳහන් කර ඇතැයි වාර්තා වේ.

එම අමාත්‍යාංශයට අනුව සිය ගුවන් සීමාව ආක්‍රමණය කළ චීන ප්‍රහාරක ගුවන් යානාවලින් දෙකක් එරට ගුවන් ආරක්ෂක හඳුනා ගැනීමේ කලාපයේ ඊසාන දිග ප්‍රදේශයේ තායිවාන සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇතැයි ද වාර්තා වේ.

336 x 200 Sinhala

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website