බ්‍රහස්පතින්දා, 15 පෙබරවාරි 2024 08:51

බොලිවුඩ් නිළි මල්ලිකා ගෙල වැලලා ගනී Featured

බොලිවුඩ් නිළියක සහ ගායිකාවක වන මල්ලිකා රාජ්පුට් සියදිවි හානිකරගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 37 හැවිරිදි මල්ලිකාගේ සිරුර උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි ඇගේ නිවෙසේ කාමරයක විදුලි පංකාවක එල්ලෙමින් තිබියදී සොයා ගත් බව පොලිසිය ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

පවුලේ සියලු සාමාජිකයන් නින්දේ පසුවූ බැවින් සිය දියණියගේ දිවි නසා ගැනීම පිළිබඳ කිසිවක් නොදන්නා බව ඇගේ මව පොලිසියට ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

2016 වසරේදී භාරතීය ජනතා පක්ෂයට බැඳී දේශපාලනයට ද එක් වූ මල්ලිකා රාජ්පුට් වසර දෙකකට පසු දේශපාලනයෙන් සමුගත් අතර, අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජීවිත කතාව ඇසුරින් ග්‍රන්ථයක් ද ලියා පළ කර තිබිණි. ඇය සිය ජීවිතයේ අවසන් කාලයේදී අාධ්‍යාත්මික ජීවන රටාවකට යොමු වී සිටි බව ද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

DN

 

336 x 200 Sinhala

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website