සිකුරාදා, 16 පෙබරවාරි 2024 07:55

ඩුබායි නුව­රට හිම වැටෙයි Featured

හිම සහිත අධික වර්ෂාපතනයක් ඇද හැලීම හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ඇතුළු නගර රැසකට ගංවතුර තත්ත්වයක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මහාමාර්ග, නිවාස සහ ගොඩනැඟිලි රැසක් ජලයෙන් යට වී ඇතැයි ද, ඩුබායි රජයේ සේවකයන්ට නිවසේ සිට රැකියාවේ නිරතවන ලෙස උපදෙස් දී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

සියලුම රජයේ පාසල්වල මාර්ගගත ක්‍රමවේදයට අනුව අධ්‍යාපන කටයුතු සිදු කිරීමට ද රජය උපදෙස් දී ඇති අතර, මේ හදිසි කාලගුණික වෙනස්වීම එරට ජනතාවගේ දැඩි අවධානයට ලක් වී ඇතැයි ද වාර්තා වේ.

ඩුබායි නුවර පමණක් නොව අබුඩාබි අගනුවරට, රස් අල් කයිමා සහ ෆුජෙයිරා නගරවලට ද අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක් හටගෙන ඇතැයි කලීජ් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය.

DM

 

336 x 200 Sinhala

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website