ඉරිදා, 18 පෙබරවාරි 2024 09:38

ට්‍රම්ප්ට ලොකු දඩයක් Featured

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 354ක් ගෙවන ලෙස නිව්යෝර්ක් අධිකරණයක් නියෝග කර තිබේ.

සිවිල් වංචා නඩුවක් සම්බන්ධයෙන් අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෙලෙස දඩයක් ගෙවීමට නිව්යෝර්ක් අධිකරණය නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිව්යෝර්ක්හි සංස්ථා නිලධාරියෙකු හෝ අධ්‍යක්‍ෂවරයෙකු ලෙස සේවය කිරීමද ඔහුට වසර 3 ක් දක්වා තහනම් කිරීමට පියවර ගෙන ඇත.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත්තේ, ‍ණය ලබා ගැනීම සඳහා ඔහු සිය දේපලවල සහ ව්‍යාපාරයන්හි ශුද්ධ වටිනාකම වංචාසහගත ලෙස වැඩිකර ඇතැයි, පෙන්වා දෙමින්ය.

නඩුවෙන් පරාජයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට, ඩොලර් මිලියන 354 යි දශම 9 ක දඩ මුදලක් ගෙවන ලෙස, නිව්යෝර්ක් අධිකරණයේ “ආතර් එන්ගොරොන්” විනිසුරුවරයා නියෝග කර තිබේ.

වසර තුනක් දක්වා නිව්යෝර්ක්හි ව්‍යාපාර කටයුතුවල නිරත වීම තහනම් කරමින්, ඔහුගේ දේපළ වෙළෙඳාම් පාලනය කරන සමාගම් විසුරුවා හැරීමට ද නියෝග කර ඇති බව, විදෙස් වාර්තාවල සඳහන් වේ.

DMN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website