ඉරිදා, 18 පෙබරවාරි 2024 09:36

නවාල්නිගේ මරණයට පුටින් වගකිව යුතුයි – බයිඩ්න් කියයි Featured

රුසියානු විපක්ෂ දේශපාලන නායකයෙකු වන ඇලේක්සි නවාල්නිගේ මරණය සම්බන්ධයෙන් එරට ජනාධිපති ව්ලැඩිමිර් පුටින් වගකිව යුතු බව අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් චෝදනා කරයි.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇලේක්සි නවාල්නි මිය ගිය බව ඔහු රඳවා ගෙන සිටි බන්ධනාගාරයේ නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.

47 හැවිරිදි නවාල්නි 2021 වසරේ සිට බන්ධනාගාර ගතව පසුවිය.

වරප්‍රසාද කඩකිරීම් , වංචාව සහ අධිකරණයට අපහාස කිරීම හේතුවෙන් ඔහු මෙසේ බන්ධනාගාර ගත කෙරුණි.

එමෙන්ම ඔහු පසුගිය අගෝස්තු මාසයේ දී අන්තවාදී සංවිධානයක් පිහිටුවීම සඳහා අරමුදල් සැපයීම සම්බන්ධයෙන් ද වරදකරු කෙරුණු අතර ඒ සඳහා ඔහුට වසර 19ක සිරදඬුවම් නියමකර තිබුණි.

DMN

336 x 200 Sinhala

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website