සෙනසුරාදා, 17 පෙබරවාරි 2024 08:46

එමි­රේට්ස් හින්දු කෝවිල වාර්තා­පො­තට Featured

එමි­රේට්ස් රාජ්‍යයේ අබු­ඩාබි නුවර පසු­ගි­යදා විවෘත වූ පුරු­ෂෝ­ත්තම් ස්වාමි­නා­රා­යන් මන්දි­රය එරට ඉදි කළ පළමු හින්දු කෝවිල ලෙස ඉති­හා­ස­යට එක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි අතින් එම කෝවිල විවෘත වූ අතර, එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්වර්ණ­මය පරි­ච්ඡේ­ද­යක් ලියා තැබූ බව අග­මැ­ති­ව­රයා ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. එහිදි අග­මැ­ති­ව­රයා එම කෝවිල ඉදි කිරී­මට දාය­ක­ත්වය දැක්වූ ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජි­නේ­රු­ව­රුන් සහ ස්වේච්ඡා සේව­ක­යන් මුණ ගැසී ස්තූතිය පුද කළ බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අනු­ග්‍ර­හය ඇතිව ඉදි කර ඇති හින්දු කෝවිල එරට රැකි­යාවේ නිර­තව සිටින සහ පදිං­චිව සිටින ඉන්දීය ජාති­ක­යන්ට සිය වැඳුම් පිදුම් සඳහා විශි­ෂ්ට­තම පූජා භූමි­යක් වනු ඇතැයි ද කියැවේ.

සාම්ප්‍ර­දා­යික හින්දු ආකෘ­ති­යට අනුව ඉදි­කර ඇති එම කෝවිල අක්කර 27ක භූමි කලා­ප­යක පිහිටා ඇති අතර, උසින් අඩි 108කින් සහ පළ­ලින් අඩි 180කින් යුතු බවත් වාර්තා වේ. ඉන්දි­යාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර සංස්කෘ­තික අව­බෝ­ධය සහ ආග­මික ගෞර­වය වර්ධ­නය කිරී­මට එය ඉව­හල් වනු ඇතැයි ද ඉන්දීය අග­මැ­ති­ව­රයා විශ්වා­සය පළ කර තිබේ.

DMN

336 x 200 Sinhala

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website