සෙනසුරාදා, 17 පෙබරවාරි 2024 08:43

ලොව විශා­ල­තම ආර්ථි­ක­යෙන් ජපා­න­ය පහ­ළට ජර්ම­නිය තුන්වැනි තැනට Featured

ජපා­නයේ දේශීය දළ නිෂ්පා­ද­නය පසු­ගිය වසරේ අග­භා­ග­යේදී පහත වැටීම හේතු­වෙන් ලොව විශා­ල­තම ආර්ථි­ක­යට හිමි­කම් කියන රට­වල් ලැයි­ස්තුවේ තුන්වැනි ස්ථානය ජර්ම­නි­යට ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මීට පෙර තුන්වැනි ස්ථානයේ පසු වූ ජපා­නය ඒ අනුව සිව්වැනි ස්ථානය දක්වා පහත වැටී ඇතැයි ද වාර්තා වේ. පසු­ගිය වසරේ අව­සන් කාර්තු­වේදි ජපා­නයේ දේශීය දළ නිෂ්පා­ද­නය 4%කින් පහත වැටී ඇති අතර, ඊට පෙර කාර්තු­වේදී එය 3.3% ක අග­යක් ගත් බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

උද්ගත වී ඇති ආර්ථික අව­පා­තය අනුව ජපා­නයේ පාරි­භෝ­ගික ඉල්ලුම පහත වැටී ඇතැයි එරට දත්ත වාර්තා මගින් පෙන්නුම් කරන බවත්, සැල­කිය යුතු ලෙස එරට ජීවන විය­දම ඉහළ ගොස් ඇති බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

DMN

336 x 200 Sinhala

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website