අඟහරුවාදා, 20 පෙබරවාරි 2024 09:00

බ්‍රිතාන්‍ය නෞකා­ව­කට හවුති මිස­යිල ප්‍රහා­ර­යක් Featured

බ්‍රිතා­න්‍යයේ ලියා­ප­දිංචි භාණ්ඩ නෞකා­ව­කට මිස­යිල ප්‍රහා­ර­යක් එල්ල කළ බවත්, මේ වන විට එම නෞකාව ගිලී යෑමේ අව­දා­න­ම­කට ලක්වී ඇති බවත් හවුති කැර­ලි­ක­රු­වන්ගේ ප්‍රකා­ශ­ක­යකු එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සඳ­හන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම නෞකා­වට බර­ප­තළ හානි සිදු වූ බව සඳ­හන් කර ඇති එම ප්‍රකා­ශ­කයා එහි කාර්ය මණ්ඩ­ලය නැව හැර ­යෑ­මෙන් කිසිදු ආප­දා­ව­කින් තොරව දිවි බේරා ගත් බව ද ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

රතු මුහුදේ ඒඩ්න් බොක්ක ආශ්‍රිත ප්‍රදේ­ශ­යේදී එම ප්‍රහා­රය එල්ල වී ඇති අතර, යේම­නයේ රතු මුහුද වෙරළ තීරයේ සිට නාවික සැත­පුම් 35ක් ඈතින් ප්‍රහා­රය සිදුවී ඇතැයි වාර්තා වූ බව බ්‍රිතාන්‍ය නාවික වෙළෙඳ මෙහෙ­යුම් ආය­ත­නය ප්‍රකාශ කර තිබේ. බ්‍රිතාන්‍ය අග­මැති කාර්යා­ලය නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ප්‍රහා­රය හෙළා දැක ඇති බව වාර්තා වුවද, එම නෞකාව බ්‍රිතා­න්‍ය­යට අයත් දැයි මෙතෙක් හඳු­නා­ගෙන නැති බව ද සඳ­හන් වේ.

 DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website