අඟහරුවාදා, 20 පෙබරවාරි 2024 09:13

රුසි­යාවේ විදෙස් තානා­ප­ති­වරු විපක්ෂ නාය­ක­යාට අව­සන් ගෞරව දක්වති Featured

බන්ධ­නා­ගා­ර­යේදී මිය ගිය බව කියන රුසි­යාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවා­ල්නිට එරට බ්‍රිතාන්‍ය සහ අමෙ­රි­කානු තානා­ප­ති­වරු සිය අව­සන් ගෞර­වය දැක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මොස්කව් නුවර පිහිටි අනු­ස්ම­රණ ස්මාර­ක­යක් අසල මල් පොකුරු තැන්පත් කර­මින් විදෙස් තානා­ප­ති­වරු රුසි­යාවේ විපක්ෂ නාය­ක­යාට අව­සන් ගෞර­වය දැක්වීම ජාත්‍ය­න්තර අව­ධා­න­යට ලක් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

මේ අතර බෙල්ජි­යමේ බ්‍රසල්ස් නුව­රදී යුරෝපා අමා­ත්‍ය­ව­රුන්ගේ සමු­ළු­ව­කට සහ­භාගි වී ඇති නවා­ල්නිගේ බිරිය යූලියා නව­ල්නායා නිද­හස් රුසි­යා­වක් සඳහා සිය සැමියා කළ අර­ග­ලය අඛ­ණ්ඩව ඉදි­රි­යට ගෙන යන බවට ප්‍රතිඥා දී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. ඒ සඳහා එක්වන ලෙස ඇය පාක්ෂි­ක­ය­න්ගෙන් ඉල්ලී­මක් කර ඇතැයි ද, සැමි­යාගේ මර­ණය සම්බ­න්ධව ජනා­ධි­පති ව්ලැදි­මිර් පුටින්ට චෝදනා එල්ල කර ඇතැයි ද වාර්තා වේ.

 ඔහුගේ මව සහ හිත­ව­තුන් නවාල්නි මිය ගිය බව කියන බන්ධ­නා­ගා­රය ආස­න්නයේ පිහිටි ස්ථාන රැසක ඔහුගේ මළ සිරුර සොය­මින් සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේ වුවද මරණ පරී­ක්ෂ­ණය අව­සන් වන­තුරු නවා­ල්නිගේ මෘත­දේ­හය පවුලේ සාමා­ජි­ක­යන්ට භාර දිය නොහැකි බව රුසි­යානු බල­ධා­රීන් ප්‍රකාශ කර තිබේ.

DMN

 

Last modified on අඟහරුවාදා, 20 පෙබරවාරි 2024 09:14

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website