සිකුරාදා, 08 මාර්තු 2024 07:31

වසර 2023 දී පාකිස්තානයේ දෛනිකව ළමා අපචාර 11ක් Featured

ජාතික මානව හිමිකම් කොමිසම් වාර්තාවකින් කියයි

වසර 2023 දී පාකිස්තානයේ ළමා අපචාර 4,213ක් සිදු වී ඇතැයි එරට රාජ්‍ය නොවන සංවිධානයක් වන සාහිල් සංවිධානය සහ ජාතික මානව හිමිකම් කොමිසම ඒකාබද්ධව නිකුත් කළ වාර්තාවකින් හෙළි වී ඇතැයි එරට මාධ්‍ය සඳහන් කළේය. එම සංඛ්‍යාලේඛනයට අනුව පසුගිය වසරේදී දිනකට සිදුවූ ළමා අපචාර සාමාන්‍ය ගණන 11ක් බව ද වාර්තා වේ.

ලිංගික අතවර, පැහැර ගෙනයෑම්, දරුවන් අතුරුදන් කිරිම් සහ ළමා විවාහ ඇතුළුව සියලු ආකාරයේ ළමා අපචාර සිදුවීම් එම වාර්තාව මගින් ආවරණය කර ඇතැයි ද එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

වාර්තාවේ සඳහන් වන ආකාරයට අපචාර සිදුවීම්වලට ගොදුරු වූ දරුවන්ගෙන් 53%ක් ගැහැනු ළමුන් සහ 47%ක් පිරිමි ළමුන් වන අතර, බහුලව අපචාරවලට ලක් වී ඇත්තේ වයස අවුරුදු 6ත්, 15ත් අතර දරුවන් බව ද එරට මාධ්‍ය වාර්තා කළේය. එම වයස් කාණ්ඩයේ ගැහැනු දරුවන්ට වඩා පිරිමි දරුවන් වැඩි වශයෙන් අපචාරවලට ලක්වී ඇති අතර, අවුරුදු 5ට අඩු වයසේ පසුවන දරුවන් ලිංගික අතවරයට ගොදුරු වී තිබීම විමතිය දනවනසුලු කරුණක් බවත් සඳහන් වේ.

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website