සෙනසුරාදා, 09 මාර්තු 2024 08:39

නීති­වි­රෝධී මිනිස් ජාවා­ර­මට කොටු වූ පුර­වැ­සි­යන් සිය ගණ­නක් චීන රජය යළි ගෙන්වා ගනී Featured

මිය­න්මා­රයේ නීති­වි­රෝධී ක්‍රියා­කා­ර­ක­ම්වල යොදවා සිටි චීන ජාති­ක­යන් සිය ගණ­නා­වක් යළි ගෙන්වා ගැනී­මට චීන රජය කට­යුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

චීන­යට අයත් ගුව­න්යානා මගින් පසු­ගි­යදා එම පිරිස ගෙන්වා ගෙන ඇත්තේ මිය­න්මා­රයේ කූප්‍ර­කට නීති­වි­රෝධී මධ්‍ය­ස්ථාන ලෙස සැල­කෙන තායි­ලන්ත දේශ­සී­මාව අසල පිහිටි මායි සොට් නමැති නග­ර­යෙන් බව ද වාර්තා වේ. මිනිස් ජාවා­රමේ ගොදුරු බවට පත් වූ විදේ­ශීය පුද්ග­ල­යන් දහස් ගණ­නක් එම නීති­වි­රෝධී මධ්‍ය­ස්ථා­න­වල සේවය සඳහා යොදවා ඇති අතර, විවිධ අප­රාධ සහ ජාත්‍ය­න්තර මිනිස් ජාවා­රම් සඳහා ඔවුන්ගේ සේවය ලබා­ගන්නා බවට වාර්තාවේ. එම මධ්‍ය­ස්ථාන වසා දමන ලෙසට පසු­ගිය කාලය පුරා චීනය විසින් මිය­න්මාර හමුදා රජ­යට සහ එරට ක්‍රියා­ත්මක වන සන්නද්ධ කණ්ඩා­ය­ම්ව­ලට බල කර­මින් සිටි අතර, සිය පුර­වැ­සි­යන් නැවත ගෙන්වා ගැනී­මට සමත් වීම චීනය ලැබූ ජය­ග්‍ර­හ­ණ­යක් බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

.වර­කට පුද්ග­ල­යන් 150 බැගින් චීන ජාති­ක­යන් දහ­සක් පමණ නැවත ගෙන්වා ගැනී­මට චීනය පිය­වර ගෙන ඇතැයි ද, එහි පළමු අදි­යර පසු­ගි­යදා ක්‍රියා­ත්මක වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website