එම වරාය ඉදි කිරීමෙන් පසු ගාසා තීරයේ අවතැන් වූ පලස්තීන ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයෙන් දෛනිකව සැපැයීමට හැකියාව ලැබෙනු ඇතැයි ගාසා තීරයේ නිලධාරින් අපේක්ෂා කරන බව ද වාර්තා වේ.
පසුගියදා අමෙරිකානු හමුදාව ගාසා තීරයට ගුවනින් ආහාර මලු විශාල සංඛ්‍යාවක් සපයා තිබූ අතර, වර්තමානයේ ගාසා තීරයේ උද්ගත වී ඇති තත්ත්වය ඉතා බරපතළ බව පිළිගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. අමෙරිකාව විසින් ඉදි කිරිමට යෝජිත ගාසා තීරයේ තාවකාලික වරායේ වැඩකටයුතු එරට යුද හමුදාව මගින් සිදුවනු ඇතැයි ද වාර්තා වේ. කෙසේ වුවද ගාසා තීරයේ අමෙරිකානු හමුදා කඳවුරක් ගොඩ නැඟීමේ අරමුණක් නැති බවත් ජෝ බයිඩ්න් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
DMN