සෙනසුරාදා, 16 මාර්තු 2024 08:52

ඔටාවා සය පුද්ගල ඝාතන සැක­කාර සිසුවා 28 තෙක් යළි රිමාන්ඩ් Featured

කැන­ඩාවේ ඔටාවා අග­නු­ව­රට ආසන්න බාර්හෙ­වන් ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි ශ්‍රී ලාංකි­ක­යන් හය දෙනකු ඝාත­නය කිරීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් සැක­පිට අත්අ­ඩං­ගු­වට ගෙන සිටින ෆෙබ්‍රියෝ ද සොයිසා නමැති ශ්‍රී ලාංකික සිසුවා එළ­ඹෙන 28 දා තෙක් යළි රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට ඔටාවා අධි­ක­ර­ණය නියෝග කර තිබේ.

පෙරේදා (14) අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව සැක­කරු තව­දු­ර­ටත් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස අධි­ක­ර­ණය තීන්දු කර ඇතැයි වාර්තා වෙයි. මේ සම්බන්ධ නඩු විභා­ගය එළ­ඹෙන 28 වනදා යළි කැඳ­වී­මට නිය­මිත බව වාර්තා වෙයි.

කෙසේ වුවද මේ සැක­කරු වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­යන් ඇප ඉල්ලා සිටි­යද අධි­ක­ර­ණය ඒ සඳහා අව­සර දී නැත. මේ අතර මේ තරු­ණ­යාට මාන­සික ආබා­ධ­යක් තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා පොලි­සි­යට නියෝග කළ ඔටාවා අධි­ක­රණ්‍ය සඳ­හන් කර ඇත්තේ ඉදි­රි­පත්ව තිබෙන තොර­තුරු සියල්ල විම­ර්ශ­නය කරන බවයි. මේ සැක­කරු මාන­සික වෛද්‍ය­ව­ර­යකු වෙත ඉදි­රි­පත් කොට එම වාර්තාව අධි­ක­ර­ණය හමු­වට ඉදි­රි­පත් කරන ලෙස ද නියෝග කර තිබේ.

කුඩා ළම­යින් 4 දෙනකු, ඔවුන්ගේ මව සහ තවත් ශ්‍රී ලාංකි­ක­යකු මෙහිදී ඝාත­න­යට ලක් වූ අතර මිය­ගිය දරු­වන්ගේ පියාද තුවාල ලබා මේ වන විට රෝහ­ල්ග­තව ප්‍රති­කාර ලබ­මින් සිටී. සිද්ධිය සම්බ­න්ධ­යෙන් ඝාත­නය සිදු වූ නිවෙ­සේම පදිං­චිව සිටි 19 හැවි­රිදි ශ්‍රී ලාංකික තරු­ණයා අත්අ­ඩං­ගු­වට ගත් අතර මේ වන විට එම තරු­ණ­යාට මිනී­මැ­රීම් හයක සහ මිනී­මැ­රී­මට උත්සාහ කිරී­ම­කට චෝදනා එල්ල වී තිබේ.

මේ අතර දැනට තුවාල ලබා රෝහ­ල්ග­තව ප්‍රති­කාර ලබන ධනුෂ්ක වික්‍ර­ම­සිංහ මහ­තාගේ සුව­දුක් විම­සී­මට කැන­ඩාවේ ශ්‍රී ලංකා මහ කොම­සා­රිස් කාර්යා­ලයේ නිල­ධා­රීන් රෝහ­ලට ගොස් තිබෙන අතර මිය­ගිය ශ්‍රී ලාංකි­ක­යන්ගේ පෞද්ග­ලි­ක­ත්ව­යට ගරු කර­මින් ඔවුන්ගේ පවු­ල්වල සාමා­ජි­ක­යන් සම්බන්ධ කර­ග­නි­මින් ශ්‍රී ලංකා මහ කොම­සා­රිස් කාර්යා­ලය සහ කැනේ­ඩි­යානු බල­ධා­රීන් සමඟ එක්ව අවශ්‍ය පහ­සු­කම් සැප­යී­මට පිය­වර ගන්නා බව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය පව­සයි.

මිය­ගිය ශ්‍රී ලංකි­ක­යන්ගේ පවු­ල්ව­ලට මූල්‍ය­මය වශ­යෙන් ආධාර කිරීම සඳහා එරට ප්‍රජාව ද සමඟ එක්ව කැන­ඩාවේ බෞද්ධ මහා සම්මේ­ල­නය පිය­වර ගෙන තිබෙන අතර පවුලේ සාමා­ජි­ක­යන්ට අව­මං­ගල්‍ය කට­යුතු සඳහා විහා­ර­ස්ථා­නය, ප්‍රජාව සහ මහ කොම­සා­රිස් කාර්යා­ලය විසින් සම්බ­න්ධී­ක­ර­ණය කරන ලද සියලු කට­යුතු සඳහා පහ­සු­කම් සැප­යී­ම­ටද සූදා­න­මින් සිටී.

මේ අතර මෙම සිද්ධිය පාදක කොට­ගෙන අධ්‍යා­ප­නය සඳහා කැන­ඩා­වට යාමට අපේක්ෂා කරන බොහෝ දෙනා කැන­ඩාවේ සංක්‍ර­ම­ණික නීති මේ හරහා දැඩි වේයැයි සැක­යෙන් පසු වූ නමුත් කැන­ඩා­වට පැමි­ණෙන කිසිදු ශ්‍රී ලාංකික ශිෂ්‍ය­යෙ­කුට මේ සිද්ධිය පද­නම් කර­ගෙන සීමා පැන­වීමේ සූදා­න­මක් නැති බවද ඒ වෙනු­වෙන් ඉදි­රි­පත් වන සියලු ඉල්ල­ම්පත් සම්බ­න්ධ­යෙන් පෙර පරි­දිම වෙනත් රට­වල් හා සමා­නව සැල­කීම තම ප්‍රති­ප­ත්තිය බවද කැනඩා රජයේ ආග­මන, සර­ණා­ගත සහ පුර­වැ­සි­භා­වය පිළි­බඳ කාර්යා­ලය පව­සයි.

DMN

 

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website