මානුෂීය ආධාර අපේක්ෂාවෙන් බලා සිටි පලස්තීන ජාතිකයන් පිරිසකට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 20 දෙනකු පමණ පෙරේදා මිය ගිය බවත්, තවත් 150කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ දිනවල පැවැත්වෙන ඉස්ලාම් රමලාන් උපවාස සමය සඳහා මානුෂීය ආධාර වැඩි වැඩියෙන් අවශ්‍ය වී ඇති අතර, දකුණු ගාසා තීරයේ ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයකට ද ඊශ්‍රායලයෙන් ප්‍රහාර එල්ල වීමෙන් පලස්තීන ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව ඇතැයි ද වාර්තා වේ. එම ප්‍රහාරය සැලසුම් කරනු ලැබූ ප්‍රහාරයක් බව ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා ගත වූ කාලය ඇතුළත පලස්තීනුවන් 31,341 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි ද, තවත් පුද්ගලයන් 73, 134 දෙනකු තුවාල ලබා ඇතැයි ද ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර ඇතැයි වාර්තා වේ.
DMN