සදුදා, 18 මාර්තු 2024 08:45

සෝමා­ලි­යානු මුහුදු කොල්ල­ක­රු­වන් පැහැ­ර­ගත් මෝල්ටා නෞකාව ඉන්දීය නාවික හමු­දා­වෙන් මුදා ගනී Featured

සෝමා­ලි­යානු මුහුදු කොල්ල­ක­රු­වන් විසින් පැහැ­ර­ගත් භාණ්ඩ ප්‍රවා­හන නෞකා­වක් සහ එහි කාර්ය මණ්ඩ­ලයේ සාමා­ජි­ක­යන් 17 දෙනකු මුදා ගැනී­මට ඉන්දීය නාවික හමු­දාව සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එක්ස් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සට­හ­නක් තබ­මින් ඉන්දීය නාවික හමු­දාවේ ප්‍රකා­ශ­ක­යකු සඳ­හන් කර ඇත්තේ මෝල්ටා රාජ්‍යයේ ධජය සහිත ‘එම්වී රුයෙන්’ නමැති එම භාණ්ඩ ප්‍රවා­හන නෞකාව පැහැ­ර­ගත් මුහුදු කොල්ල­ක­රු­වන් 35 දෙනා නාවික හමු­දා­වට බාර වූ බවය. අන­තු­රුව ඉන්දීය නාවික හමු­දාව විසින් එම නෞකාවේ නීති­වි­රෝධි අවි­ආ­යුධ, පත­රොම් සහ තහ­නම් භාණ්ඩ තිබේ­දැයි පරීක්ෂා කළ බවත් වාර්තා වේ.

එම්වී රුයෙන් සෝමා­ලි­යානු මුහුදු කොල්ල­ක­රු­වන් විසින් පැහැ­ර­ගනු ලැබුවේ පසු­ගිය වසරේ අග­භා­ග­යේදී වන අතර, මාස හත­ර­කට වැඩි කාල­යක් එම නෞකාව පිළි­බඳ තොර­තුරු අනා­ව­ර­ණය වී නැති බවත් වාර්තා වේ.

පසු­ගි­යදා බංග්ලා­දේ­ශ­යට අයත් භාණ්ඩ ප්‍රවා­හන නෞකාව සහ එහි කාර්ය මණ්ඩ­ලය පැහැර ගැනී­මට සෝමා­ලි­යානු මුහුදු කොල්ල­ක­රු­වන් එම්වී රුයෙන් නෞකාව භාවිත කර ඇතැයි අනු­මාන කරන බව යුරෝපා හමුවේ නාවික හමු­දාව ප්‍රකාශ කර තිබේ.

DMN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website