බදාදා, 20 මාර්තු 2024 09:00

ආහාර හිඟයට සහ විදුලි කප්පාදුවට එරෙහිව කියුබාවේ වැසියෝ විදි බසිති Featured

දැඩි ආහාර හිඟයකට සහ දිනකට පැය 18ක විදුලි කප්පාදුවට එරෙහිව කියුබානු කොමියුනිස්ට් රජයට එරෙහිව එරට ජනතාව දැවැන්ත විරෝධතාවක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දශක ගණනාවකට පසු කියුබාවේ පැවැත්වෙන රාජ්‍ය විරෝධී විශාලතම විරෝධතාව එය බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

කියුබාවේ ජනාධිපති මිගේල් ඩයස් පසුගියදා එරට ඉන්ධන මිල 500% කින් ඉහළ දැමීමට පියවර ගැනීමත් සමඟ ජනතා විරෝධය උත්සන්න වී ඇතැයි ද, වසර ගණනාවකින් වැටුප් වර්ධක සිදු නොවීමෙන් ජනතාව දැඩි ආර්ථික අර්බුදයකට මැද වී සිටින බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

අමෙරිකානු සම්බාධක හේතුවෙන් මේ තත්ත්වය උදා වී ඇතැයි කියුබානු රජය චෝදනා කර ඇති අතර, විදුලි කප්පාදුවට හේතු වී ඇත්තේ එරට දැඩි ඉන්ධන අර්බුදයකට ගොදුරු වී සිටීම හේතුවෙන් බව ද වාර්තා වේ.

DMN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website