සිකුරාදා, 22 මාර්තු 2024 09:23

සුඩානයෙන් ලොව දරුණුම සාගතය වාර්තා වන ලකුණු Featured

අප්‍රිකානු රටක් වන සුඩානයේ රජයේ හමුදා හා රැපිඩ් සපෝට් ෆෝර්සස් නමැති කැරළිකාර කණ්ඩායම අතර පවතින දරුණු සිවිල් යුද්ධය හේතුවෙන් එරට ලොව දරුණුම සාගතය පවතින රට බවට පත් වන ලකුණු පෙනෙන්නට ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවසයි.

මෙම සිවිල් යුද්ධය හේතුවෙන් මේවන විට සුඩාන වැසියන් 14,000ක් පමණ මියගොස් ඇති අතර, එරට අගනුවර වන කාටුම් නගරයේ මෙන්ම යාබද නගරවලට නිතර මෝටාර් ප්‍රහාරයන් එල්ල වීම හේතුවෙන් දෛනික ජන ජීවිතය අඩාල වී ඇති බව බීබීසී පුවත් සේවාව විසින් වාර්තා කර තිබේ.

පවතින සිවිල් යුද්ධය හේතුවෙන් සූඩානයේ ස්ත්‍රී දූෂණ, වාර්ගික ගැටුම් හා මාර්ගවලින් ජනතාව ඉවත් කිරීමේ අවස්ථා වැඩී වී ඇති බව වාර්තා වී තිබේ.

සංස්කරණය ඒමන්ති මාරඹේ

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website