සිකුරාදා, 22 මාර්තු 2024 09:33

ඇමරිකාව ඇස්බැස්ටොස් විශේෂයක් තහනම් කරයි Featured

ඇමරිකා එක්සත් ජනපදයේ දැනට භාවිත කරන ආනයනික එකම ඇස්බැස්ටොස් වර්ගය භාවිත කිරීම තහනම් කිරීමට එරට පාරිසරික ආරක්ෂණ ආයතනය විසින් (18දා) පියවර ගෙන තිබේ.

සෑම වසරකම ඇමරිකාවෙන් වාර්තා වන පෙනහළු පිළිකා ඇතුළු පිළිකා මරණ 40,000 කට අදාළ ඇස්බැස්ටොස් විශේෂය වගකිවයුතු බව අනාවරණය වීම මෙම තහනමට හේතු වී ඇති බව ඇමරිකානු මාධ්‍ය පවසයි. ඇමරිකාවට ප්‍රධාන වශයෙන් ආනයනය කරන ක්‍රිසොටයිල් ඇස්බැස්ටොස් විශේෂය මේ අනුව තහනම් කර තිබේ.

ඇමරිකාව විසින් තහනම් කර ඇති ඇස්බැස්ටොස් වර්ගය ලොව පුරා රටවල් 50කට අධික සංඛ්‍යාවක් කලක සිටම තහනම් කර තිබෙන්නකි. ඇමරිකාව විසින් මෙම ඇස්බැස්ටොස් තහනම පනවා ඇත්තේ පසුගිය වසරවලදී එය භාවිත කිරීම බොහෝ දෙනෙකු විසින් ක්‍රමයෙන් අඩු කරමින් සිටියද තවමත් ඇමරිකාව පුරා නිවාස හා ගොඩනැඟිලි මිලියන ගණනක් ඉදි කිරීම සඳහා එම ඇස්බැස්ටොස් විශේෂය භාවිත වන බව අනාවරණය වීමේ හේතුවෙනි.

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website