සෙනසුරාදා, 23 මාර්තු 2024 11:22

කේට් කුමරිය ගැන නරක ආරංචියක් Featured

තමා පිළිකා රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගන්නා බව වේල්සයේ කුමරිය වන කේට් මිඩ්ල්ටන් පැවසුවාය.

විශේෂ වීඩියෝ පණිවුඩයක් ඊයේ(22) නිකුත් කරමින් ඇය විසින් ඒ බව හෙළිකර තිබුණි. ටික කලක සිට මහජනයාගෙන් දුරස්ථව සිටි ඇය සඳහන් කළේ, පිළිකා රෝග හඳුනා ගැනීම සඳහා වන රසායනික චිකිත්සාවකට භාජනය වීමෙන් අනතුරුව ඒ බව හඳුනා ගත් බවයි.

කේට් පසුගිය ජනවාරි මාසයේදී උදර සැත්කමකට මුහුණ දුන්නාය.

කේට් කුමරිය ඊයේ මෙම කණගාටුදායක පුවත ලෝකය සමග බෙදා ගත්තාය.

නමුත් ඇයට ඇත්තේ කුමන ආකාරයේ පිළිකාවක්ද යන්න හෝ එය කුමන අවධියක වර්ධනය වූවක්ද යන්න විලියම් – කේට් යුවළගේ රාජකීය පවුල වන කෙන්සිංටන් මාලිගය මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැත.

බ්‍රිතාන්‍යයේ අනාගත රජු වන විලියම් කුමරුගේ බිරිඳ කේට් කුමරිය මේවන විට 42 වැනි වියෙහි පසුවේ.

DMN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website