සෙනසුරාදා, 23 මාර්තු 2024 11:28

රුසියාවේ අගනගරයට දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් – 60ක් මරුට Featured

රුසියාවේ මොස්කව් අගනගරයේ නර්තන තරගාවලියක් පැවැත්වෙමින් තිබූ Crocus City නාට්‍ය ශාලාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් 60ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කැලෑ සටන් ඇඳුම් ඇඳගත් සන්නද්ධ පුද්ගලයින් තිදෙනෙකු වෙඩි තබමින් එම ශාලාවට ඇතුළ්වන අයුරු දැක්වෙන වීඩියෝ මේ වනවිට සමාජ මාධ්‍ය සංසරණය වේ.

ප්‍රහාරයෙන් විශාල පිරිසක් තුවාල ලබා තිබේ. ප්‍රදේශය කළු දුමාරයෙන් වැසී ගොස් ඇති අතර ගිලන් රථ 50ක් පමණ යොදවා ඇති බව වාර්තා වේ.

ත්‍රස්ත පිරිස් ප්‍රහාරය සඳහා, දැවැන්ත ගින්නක් ඇති කරමින් පුපුරණ ද්‍රව්‍ය විශාල වශයෙන් භාවිත කර ඇති බව රුසියානු ප්‍රවෘත්ති සේවා වාර්තා කරයි.

ත්‍රස්ත මර්දන විශේෂඥයින් පවසන්නේ රුසියාව සිය ප්‍රචාරණයේදී ජනාධිපති පුටින්ව නිතර විවේචනය කරන ISIS-K සංවිධානය මෙම ප්‍රහාරය පිටුපස සිටිය හැකි බවයි.

කෙසේ නමුත් රුසියාව මෙම ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අදහස් දක්වා නැත.

මේ අතර අමෙරිකාවේ ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත්තේ රුසියාවේ තත්වය පිළිබඳව වැඩිදුර සොයා බැලීමට කටයුතු කරන බවත් යුක්‍රේනය මෙම ත්‍රස්ත ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ය.

 

 DMN

336 x 200 Sinhala

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website