අඟහරුවාදා, 26 මාර්තු 2024 10:51

අධික වර්ෂාව හා නාය­යෑ­ම්ව­ලින් බ්‍රසී­ලයේ 25ක් මරුට Featured

දකු­ණු­දිග බ්‍රසී­ලයේ එස්පි­රිටෝ සැන්ටෝ කඳු­කර පළාතේ සහ රියෝ ද ජැන­යිරෝ නුවර පසු­ගි­යදා හට­ගත් අධික වර්ෂාව සහ නාය යෑම් හේතු­වෙන් පුද්ග­ල­යන් 25 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි ද,

නිවාස සිය ගණ­නක් විනාශ වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉදිරි දින කිහි­ප­යේදී වර්ෂාව තවත් අධික වනු ඇතැයි පළ වූ කාල­ගුණ අනා­වැකි හේතු­වෙන් තවත් පන්ද­හ­ස­කට අධික පිරි­සක් නිවා­ස­ව­ලින් ඉවත් කර ඇතැයි ද වැඩි­දු­ර­ටත් වාර්තා වේ. හමුදා සෙබ­ළුන් සහ ගිනි නිවන භට­යන් සිය ගණ­නා­වක් මේ වන විට නායයෑම්ව­ලට හසු වූ ප්‍රදේ­ශ­වල මෙහෙ­යුම් සිදු කර­මින් සිටින අතර, මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි වාර්තා වේ. වැසි සහිත කාල­ගු­ණික තත්ත්ව­යක් පව­තින මාර්තු මාස­යේදී එරට වර්ෂා­ප­ත­නය මිලි­මී­ටර් 140ක සාමාන්‍ය අග­යක් ගන්නා බවත්, මෙවර පතිත වූ වර්ෂාව මිලි­මී­ටර් 200කට අධික වූ බවත් එරට කාල­ගුණ විද්‍යා ඒක­කය නිවේ­ද­නය කර තිබේ. ඉදිරි දින කිහි­ප­යේදී ද එවැනි තත්ත්ව­යක් උදා­වනු ඇතැයි දැන­ට­මත් අනා­වැකි පළ වී ඇත. බ්‍රසී­ල­යට මේ ධාරා­නි­පාත වර්ෂාව ඇද වැටුණේ පසු­ගිය දින ගණ­නා­වක් පුරා සෙල්සි­යස් අංශක 62ක් දක්වා ඉහළ ගිය අධික උණු­සුම් තත්ත්ව­ය­කින් පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

fbhghgjyu

DN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website