බදාදා, 27 මාර්තු 2024 11:29

මොස්කව් ප්‍රහා­රය පිටු­පස රැඩි­කල් ඉස්ලා­මීය සංවි­ධා­න­යක් ජනා­ධි­පති පුටින් පළ­මු­ව­රට ප්‍රකාශ කරයි Featured

මොස්කව් නුවර ප්‍රහා­රය පසු­පස රැඩි­කල් ඉස්ලා­මීය කණ්ඩා­ය­මක් සිටින බව රුසි­යානු ජනා­ධී­පති ව්ලැදි­මිර් පුටින් පළ­මු­ව­රට ප්‍රකාශ කර ඇතැයි අල්ජ­සීරා පුවත් සේවය වාර්තා කළේය. එහෙත් එම ප්‍රහා­ර­යට යුක්රේ­නයේ සම්බ­න්ධ­යක් ඇතැයි ද ඔහු තව­දු­ර­ටත් විශ්වා­සය පළ කර තිබේ.

මොස්කව් නුවර ‘ක්‍රොකස් සිටි හෝල්‘ ශාලා­වට එල්ල වූ ත්‍රස්ත ප්‍රහා­ර­යට සම්බන්ධ මේ වන විට පුද්ග­ල­යන් 11 දෙනකු අත්අ­ඩං­ගුවේ පසු­වන අතර, පෙරේදා ත්‍රස්ත පනත යටතේ අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ සිවුදෙ­නාට අම­ත­රව ඊයේ දිනයේ තවත් පුද්ග­ල­යන් තිදෙ­නකු අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර මැයි මස 22 දක්වා රඳවා තබා­ගෙන ප්‍රශ්න කිරී­මට විම­ර්ශන නිල­ධා­රීන් අව­සර ලබා­ගත් බව අල් ජසීරා පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

එම තිදෙනා එකම පවු­ලක පියා සහ පුතුන් දෙදෙ­නකු බවත්, පියා ටජි­කි­ස්තාන ජාති­ක­යකු සහ පුතුන් දෙදෙනා රුසි­යාවේ පුර­වැ­සි­භා­වය ලැබූ දෙදෙ­නකු බවත් වාර්තා වේ.
පසු­ගිය සඳුදා එරට රූප­වා­හි­නි­යෙන් ජාතිය ඇමතූ රුසි­යානු ජනා­ධි­ප­ති­ව­රයා සඳ­හන් කර ඇත්තේ ඉස්ලා­මීය ලෝක­යක දෘෂ්ටි­වා­ද­යෙන් සිය­වස් ගණ­නා­වක් පුරා යුද වදි­මින් සිටින රැඩි­කල් ඉස්ලා­මීය සංවි­ධා­න­යක් මේ ප්‍රහා­රය පසු­පස සිටින බවය.

එහෙත් එම ඉස්ලා­මීය සංවි­ධා­නය අයි­එස් සංවි­ධා­නය බවට ඔහු කිසිඳු ප්‍රකා­ශ­යක් සිදු කර නැති බව ද වාර්තා වේ. මේ කුරිරු ප්‍රහා­ර­යට 2014 සිට රුසි­යාව සමඟ සටන් වැදී සිටින යුක්රේ­නයේ සම්බ­න්ධ­තා­වක් තිබිය හැකි බවද පුටින් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

‘සැබැ­වින්ම ප්‍රශ්න­යට පිළි­තුරු සැප­යීම අත්‍ය­ව­ශ්‍යයි. ඇයි මේ අප­රා­ධය සිදු කිරී­මෙන් පසු ත්‍රස්ත කල්ලිය යුක්රේ­න­යට පලා යන්න උත්සාහ කළේ..? ඔවුන් වෙනු­වෙන් යුක්රේ­නයේ පොරොත්තු වෙමින් සිටියේ කවුද ?‘ පුටින් වැඩි­දු­ර­ටත් එසේ සඳ­හන් කර තිබේ.

DM

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website