බ්‍රහස්පතින්දා, 28 මාර්තු 2024 11:49

ගුවනින් වැටෙන ආහාර මලු ගැනීමට මුහුදට ගිය පලස්තීනුවෝ 12ක් ගසාගෙන යති Featured

මුහුදට වැටුණු ආහාර මලු ගැනීමට ගිය පලස්තීන ජාතිකයන් 12 දෙනකු මුහුදේ ගිලී මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දැඩි ආහාර හිඟයකට මුහුණ පා සිටින පලස්තීන ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ලබාදීමට ගාසා තීරයට ඇතුළුවන ප්‍රවේශ මාර්ග ඊශ්‍රායලය විසින් අවහිර කරනු ලැබීම හේතුවෙන් අමෙරිකානු හමුදාව විසින් පලස්තීන ජනතාවට අවශ්‍ය එදිනෙදා ආහාර ද්‍රව්‍ය රැගත් මලු විශාල ප්‍රමාණයක් ගුවනින් හෙළමිමට පියවර ගෙන තිබිණි. ගුවනින් වැටෙන ආහාර මලු ලබා ගැනීමට දහස් සංඛ්‍යාත පලස්තීන ජනතාව දැඩි උත්සාහයක නිරතවන අයුරු සහ මුහුදට වැටුණු ආහාර මලු ගැනීමට පිහිනා යන අයුරු දක්වෙන වීඩියෝපට රැසක් පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍යජාලා තුළ සංසරණය විය.

දැඩි ආහාර හිඟය හේතුවෙන් මුහුදට වැටෙන ආහාර මලු පවා ගැනීමට පලස්තීන ජනතාව උත්සාහ දරන බවත්, පිහිනීමේ හැකියාව නැති පුද්ගලයන් පවා ආහාර මලු ලබාගැනීමට මුහුදට යන බවත් ගාසා තීරයේ නිලධාරීන් ප්‍රකාශ කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. මේ අවාසනාවන්ත තත්ත්වය මඟ හරවා ගනිමින් පලස්තීන ජනතාවට ආහාර ලබාදීම සඳහා ගාසා තීරයේ දේශ සීමා වහා විවෘත කළ යුතුව ඇතැයි ද නිලධාරීන් සඳහන් කර තිබේ.

DM

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website