බ්‍රහස්පතින්දා, 28 මාර්තු 2024 11:54

ඇමසන් වනයෙන් හමුවූ ලොව විශාලතම සර්පයා වෙඩි තබා මරා දමලා Featured

මීට සති කිහිපයකට පෙර බ්‍රසීලයේ ඇමසන් වැසි වනන්තරයෙන් හමු වූ ලොව විශාලතම සර්පයා ලෙස විද්‍යාඥයන් විසින් හඳුන්වනු ලැබූ අඩි 26ක් දිගැති සර්පයා කුරිරු දඩයම්කරුවන් විසින් වෙඩි තබා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කිලෝග්‍රෑම් 199.58ක් බරැති මේ කොළ පැහැති ඇනකොන්ඩා වර්ගයේ ගැහැනු සර්පයා සොයා ගැනීමෙන් පසු විද්‍යාඥයන් විසින් ‘ඇනා ජූලියා‘ ලෙස නම් කර තිබිණි. මෝටර් රථ ටයරයකට සමාන ස්ථූලත්වයකින් යුතු මේ සර්පයාගේ හිස මිනිස් හිසකට සමානව වැඩී තිබිණි.

දඩයම්කරුවන්ගේ වෙඩි පහරින් මිය ගොස් සිටි ඇනා ජූලියා සොයාගනු ලැබුවේ පසුගියදා දකුණු බ්‍රසීලයේ බොනිටෝ නමැති ග්‍රාමීය ප්‍රදේශයකින් ගලා යන ෆෝර්මොසෝ ගංගාවේ පාවෙමින් තිබියදී බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

DN

 

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website