සිකුරාදා, 29 මාර්තු 2024 09:07

ඉතිහාසයේ පළමුවරට සවුදි තරුණියක් විශ්ව රූ රැජන තරගයට Featured

ඉතිහාසයේ පළමුවරට සවුදි අරාබියේ තරුණියක් විශ්ව රූ රැජන තරගයට ඉදිරිපත් වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලබන සැප්තැම්බර් මස 18 වැනිදා මෙක්සිකෝවේ පැවැත්වීමට නියමිත 2024 විශ්ව රූ රැජන තරගයට සහභාගි වීමට අවස්ථාව ලැබී ඇත්තේ සවුදි අරාබියේ රියාද් නුවර උපන් 27 හැවිරිදි රූමි අල්කාතානි නමැති තරුණියක් බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඇය මැදපෙරදිග රටකින් විශ්ව රූ රැජන තරගයට සහභාගි වන දෙවැනි තරුණිය ලෙසත් වාර්තාපොතට එක්වූවාය. මීට පෙර පසුගිය වසරේ බහරේන් රාජ්‍යයේ 19 හැවිරිදි ලුජානි යාකුබ් එල්සැල්වදෝර්හි පැවැති විශ්ව රූ රැජන තරගයට එක්වෙමින් එම වාර්තාව තැබුවාය.

ඇය මීට පෙර සවුදි අරාබි රූ රැජන, මැදපෙරදිග රූ රැජන, අරාබි ලොව රෑ රැජන සහ සවුදි අරාබියේ රූමත් කාන්තාව ලෙස ජයග්‍රහණ රැසක් අත්කර ගත් බව ද වාර්තා වේ.

DN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website