බ්‍රහස්පතින්දා, 04 අප්‍රේල් 2024 08:49

ලොව වයස්ගතම මිනිසා මිය යයි Featured

ලොව වයස්ගතම මිනිසාගේ ගිනස් වාර්තාවට හිමිකම් කී වෙනිසියුලාවේ ජුවාන් විසෙන්ටි පෙරෙස් මොරා මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගියදා මෙලොවින් සමුගන්නා විට ඔහුගේ වයස අවුරුදු 114 කුත්, දින 311ක් විය. ජුවාන් විසෙන්ට් ලොව වයස්ගතම මිනිසා ලෙස ගිනස් වාර්තාව අත්කර ගනු ලැබුවේ 2022 පෙබරවාරි 4 වැනිදාය. ඒ වන විට ඔහු සිය ජීවන මඟෙහි අවුරුදු 112කුත්, දින 253ක කාලයක් සම්පූර්ණ කර තිබිණි. එම වසර වන විට ඔහුට මුනුපුරු මිනිපිරියන් 41 දෙනකු සිටි අතර, මී මුනුපුරු මිනිපිරියන් 18 දෙනකුගේ සහ මී මුනුපුරු මිනිපිරියන්ගේ දරුවන් 12 දෙනකුගේ ද ආදරය දිනා සිටියේය.

වසර 1909 මැයි මස 27 වැනිදා වෙනිසියුලාවේ ටචීරා ප්‍රාන්තයේ ගම්බඳ පළාතක උපත ලබා ගොවියකු ලෙස ජීවිකා වෘත්තියේ නිරතව සිටි බව කියන ජුවාන් විසෙන්ට්ගේ අභාවය වෙනුවෙන් එරට ජනාධිපති නිකොලස් මදුරෝද ශෝක ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

DMN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website