බ්‍රහස්පතින්දා, 04 අප්‍රේල් 2024 09:11

වසර විසිපහකට පසු තායිවානය දෙදරයි – මරණ 9යි – අටසීයකට තුවාල Featured

කඳු මුදුන්වලින් මහ ගල් පහළට ඇද වැටෙයි

තායිවානය ගැන නිරන්තර තොරතුරු මවන්නේ චීනය සමග ඇති එදිරිවාදිකම් නිසාය. නමුත් බදාදා පෙරවරු 3.00ට පමණ මේ දූපත දෙදරා ගියේ රිච්ටර් මාපකයේ 7.7ක් සටහන් කළ භූමිකම්පාවක් හේතුවෙනි. මේ නිසා සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබූවද පසුව ඒවා ඉවත්කර ගනු ලැබිණි. තායිවානයේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයට බලපෑ මේ භූමිකම්පාව නිසා ගොඩනැගිලි ඇලවී ඇත්තේ කෙසෙල් ගස් පාත්වී ඇති ආකාරයටය.

භූමිකම්පාවේ මධ්‍යය සටහන් වන හුවාලියන් හි කඳු මුදුන්වල තිබූ දැවැන්ත ගල් පහළට කඩාවැටී ඇත්තේ දුටුවන්ට මරබිය ඇතිකරවමින්ය. මේ නගරයේ ගොඩනැගිලිවලට යටවූවන් බේරාගැනීම සඳහා සහන සේවකයන් යුහුසුළුව කටයුතු කරති. ඇත්තෙන්ම මෙය වසර 25කට පසු තායිවානයට බලපෑ දරුණුතම භූමිකම්පාවය. 1999 තායිවානයේ සිදුවූ භූමිකම්පාවෙන් පුද්ගලයන් 2400ක් මරණයට පත්වී තවත් දසදහසක් තුවාල ලැබීය. 2022 දී හුවාලියාවේ හි සිදුවූ තවත් භූමිකම්පාවක් හේතුවෙන් දුම්රියක් පවා පීලි පැන දැවැන්ත අනතුරක් සිදුවිය.

ඩබටවයනහක

ඇමෙරිකාවේ සිට පැමිණි සංචාරකයකු වන මයික් පවසන්නේ තමාට ඇහැරුණේ මේ භූමිකම්පාවේ දෙදරීම නිසා බවයි. මෙහෙම භූමිකම්පාවක් නම් මම කිසිදාක අත්විඳලා නැහැ. ඇමෙරිකාවේදීත් මේ වගේ අත්දැකීම් ලබලා තියනවා. නමුත් අද වගේ නම් නොවෙයි. ඇත්තටම අද අපි රටේ තොරතුරු බලන්න යන්නයි හිටියේ. නමුත් ඒක අත්හැරලා දැම්මා.

තායිවාන ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසන්නේ හුවාලියා හි ගොඩනැගිලි 26ක් ඉදිරියේදී කඩා වැටෙනු ඇති බවයි. මන්ද භූමිකම්පාව හේතුවෙන් මේවා හෙල්ලෙන දත් බවට පත්වෙලා. සමාජ මාධ්‍යවල දක්නට ලැබෙන වීඩියෝවලින් පෙනෙන්නේ තායිපේ අගනුවර ගොඩනැගිලි සෙලවෙන ආකාරයයි. මෙය සැබවින්ම භයංකාර දසුනකි.

පවනයනහස6

මේ අතර තායිවානය සමග අමනාපව සිටින චීනය පවා මේ විපතින් පසුව අවශ්‍ය ඕනෑම සහයක් ලබාදෙන බව පවසා තිබේ. චීනය කිසිම විටක තායිවානය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගන්නේ නැහැ. එය තමන්ගේ රටේ කොටසක් බව චීනය කියයි.

තායිවාන ජනපති සායි ඉන්ග්වෙන් මහත්මිය පවසන්නේ සහන සැලසීම සඳහා හමුදාව යොදා ඇති බවයි. භූමිකම්පාවෙන් පසුව මරණ 07ක් වාර්තා වී ඇති අතර තුවාල ලැබූ පිරිස 700 ඉක්මවා තිබේ.

බටබබඩඉඉබඩබ

හුවාලියාන්හි වෙසෙන සායිගේ භූමිකම්පා අත්දැකීම විස්තර කරන්නේ මෙසේය. මම උදේ නැගිටින්න හදන කොට කාමරේ රෙදි රාක්කයයි අල්මාරියයි පෙරලුනා. ඊට පස්සේ පොඩි රාක්කයත් පෙරලුනා. ටිකෙන් ටික දෙදරීම වැඩිවෙන බව දැනුණා. මගේ ගෙයත් විනාශ වෙයි කියලා බය හිතුණා. නමුත් පසුව තත්ත්වය සමනය වුණා.

 

චතුර පමුණුව සහ ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website