සිකුරාදා, 05 අප්‍රේල් 2024 09:07

තායිවාන භූ කම්පනයෙන් අතුරුදන් වූවන් 690ක් සොයා මෙහෙයුමක් Featured

තවත් අතුරු කම්පන 40ක්

තායිවානයේ නැඟෙනහිර පළාතේ පෙරේදා සිදු වූ ප්‍රබල භූ කම්පනයෙන් විවිධ ප්‍රදේශවල පුද්ගලයන් 690 දෙනකු පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා නොවන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. වසර 25කට පසු එරට රිච්ටර් මාපකයේ 7.4ක අගයක් සටහන් කළ දරුණුතම භූ කම්පනයෙන් මේ වන විට පුද්ගලයන් දස දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි ද, පුද්ගලයන් 1050ක් තුවාල ලබා ඇතැයි ද තහවුරු වුවද, තවත් පුද්ගලයන් 690 දෙනකු අතුරුදන් වූ බවට හෝ සුන්බුන් අතර සිර වී සිටින බවට අනුමාන කරන බව තායිවාන ආපදා කළමනාකරණ ඒකකය ප්‍රකාශ කර තිබේ. ඉන් වැඩි පිරිසක් තායිවාන ජාතික වනෝද්‍යානයේ හෝටල් සේවකයන් බව ද වැඩිදුරටත් වාර්තා වේ.

අමෙරිකානු භූ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව ඊයේ දිනය වන විට තවත් අතුරු කම්පන 40ක් පමණ තායිවානය කේන්ද්‍ර කරමින් සිදු වී ඇති අතර, ඉන් එක් භූ කම්පනයක් රිච්ටර් මාපකයේ 6.4ක අගයක් සටහන් කර ඇතැයි ද වාර්තා වේ.

ngjgjhjtjt

DMN

 

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website